ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් සිය එක්දින දිවියේ ලකුණු 9000 සීමාව පසුකර යාමට අද සමත්විය. අද ඔහු ක්රීඩාකරනුයේ සිය 300 වැනි එක්දින තරගයට වන අතර එහිදී සිය එක්දින දිවියේ 18 වැනි ශතකයද ඩිල්ෂාන් වාර්තා කළේය.
ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 9000 සීමාව පසුකළ 15 වැනි පිතිකරුවා වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ පස්වැනි ශ්‍රී ලාංකිකයාද වෙයි.
ඡායාරූපය ශාන්ත රත්නායක