කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලැබූ හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් අද (25දා) අධිකරණයට බාර විය.
නීතිඥවරයෙකු හරහා ඩිල්ෂාන් අධිකරණයට බාර වී තිබේ. නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී ඩිල්ෂාන් අධිකරණයට නොපැමිණි අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.