ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවට එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය විසින් කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර ඇති හෙයින් එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පේරම මහතා පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය අද (08දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් කතානායකවරයා එයට ඉඩ නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිණ.