මාතරදී පැවැති රණවිරු සැමරුමේදී ජාතික කොඩිය වෙනුවට කොළ කොඩිය භාවිත කළ බවහිටපුඅමාත්යඩලස්අලහප්පෙරුමමහතාකීවේය.
අද (24දා) මාතරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුමේබවපැවැසීය.
" මගේ පස්සෙන් පන්නන රහස් පොලීසියේ මහත්වරුන්ට මම ඔත්තුවක් දෙන්නම්, පසුගිය දා මාතර දී පැවති රණවිරු සැමරුමේදී ජාතික කොඩිය වෙනුවට මේ අය භාවිත කළේ මොකක්ද? කොල කොඩිය. ජාතික කොඩිය විකෘති කරලා කොල කොඩිය පාවිචිචි කරලා තියෙනවා. ඒ පිළිබඳ සොයා බලන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඒ වගේම 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාවට අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය කියනවා 20 සංශෝධනය කරමු හැබැයි එළඹෙන මැතිවරණය පරණ ක්‍රමයට තියමු කියලා, එහෙනම් අපට ආණ්ඩුවෙන් අහන්න තියෙන ප්‍රහ්නය තමයි ඉදිරි මැතිවරණයේදී මෙම ක්‍රමය පවත්වන්නෙ නැතිනම් මොකටද මේ හදිසියේ 20 සංශෝධනය සම්මත කරගන්න හදන්නෙ කියලයි. ඒ නිසා අපේ සහයෝගය ලැබෙන්නේ මැතිවරණය නව ක්‍රමය යටතේ නම් පමණයි”