අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම ඉදිරිපිට පැවැති විරෝධතාවය සඳහා විකෘති කළ ජාතික කොඩියක් යොදාගැනිම පිළිබඳව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවැසුවේ විකෘති කළ ජාතික කොඩියක් යොදාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් බවයි.
ඒක බරපතල වැරැද්දක්. එම කොඩිව උද්ඝෝෂක සංවිධායකවරුන් විසින් නිකුත් කළ එකක් නෙමෙයි. කුඩා කණ්ඩායමක් විසින් එම කොඩිය බෙදා හැර තිබෙනවා. ඒ පිළිබඳව අපි ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කරනව විතරක් නෙමෙයි සමාව ඉල්ලනවා. කාගේ හෝ සිත් රිදීමක් බිඳීමක් වුණානම් අපි ඉතාමත්ම නිහතමානීව කනගාටුව පළකරනවා.