අභාවප්රාප්ත ප්රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහයට ඊයේ (17දා) රාත්රීයේදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
කොළඹ 09 සිරිධම්ම මාවතේ පිහිටි නිවසට ගිය ගරු ජනාධිපතිතුමා ටෝනි රණසිංහ මහතාගේ දියණිය සහ ඥාතින් වෙත සිය ශෝකය පල කළ සිටියේය. මෙම අවස්ථාවට අග්රාමාත්ය ගරු රනිල් වික්රමසිංහ මහතාද සහභාගි විය.