එංගලන්තයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (11දා) දිවයිනට පැමිණියේය.
ටෝනි බ්ලෙයාර් මහතාගේ බිරිඳ වන එංගලන්තයේ සුප්‍රසිද්ධ බැරිස්ටර්වරියක් වන චෙරී බ්ලෙයාර් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකු ඔහු සමග මෙරටට පැමිණියහ.
එමිරේටස් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි හිටපු අගමැතිවරයා පසුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කරන කුඩා ගුවන් යානයකින් අනුරාධපුරය බලා පිටත්ව ගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණ ඇති අතර ටෝනි බ්ලෙයාර් මහතා සති දෙකක් මෙරට රැදී සිටීමට නියමිතය.