මේ රටේ පවතින ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත එකක් බවත් එම නිසා එය වෙනස් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (26දා) පොෙළාන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් හමුවීමේ උත්සවයකට එක්වෙමින් පැවැති රැස්වීමේදීය.
එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා,
“පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ සියලු ක්ෂේත්රවල වගකීම් දරන ඔබ හමුවීමට ලැබීම මා ඉමහත් භාග්‍යයක් ලෙස සලකනවා. මේ රජය කරවන දේශපාලඥයන්ට පුළුවන් වෙන්නේ ප්‍රතිපත්ති සකස් තිබීම හා ඒ අනුව අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව සලසාදීමටයි.
ජනාධිපතිවරයා වෙන්න පුළුවන් අගමැති, ඇමතිවරුද වෙන්න පුළුවන් ඒ කුමන අය වේවා ඔවුන් සතු කාර්යය එකක්. රාජ්‍ය නිලධාරියා සතු තියෙන කාර්යය තවත් එකක්.
රට ඉදිරියට ගෙනයෑමේදී පූර්ණ වගකීම තියෙන්නේ ඔබ සතුවයි. දේශපාලඥයන්, කොතෙක් උත්සාහ කළත්, කොතෙක් සම්පත් ලබා දුන්නත්, කොතෙක් අවශ්‍ය මගන්වීම් ලබාදුන්නත් ඒ සියල්ලේ සාර්ථකත්වය තිබෙන්නේ ඔබගේ කැපවීම, උනන්දුව සහ උත්සාහය තුළ යැයි ද සඳහන් කළේය.