දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ඊයේ (11දා) යාපනයේ පැවති විරෝධතාවකට සහභාගි වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ එම ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදුවිය.
යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයන් ඉවත් කරන ලෙසට ඊයේ (11දා) යාපනයේ ධීවරයන් විසින් දියත් කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් සහභාගි වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.
එහිදී විරෝධතාකරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ, තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකිතාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමක් ලබාදීමට ඔවුන් පියවර නොගත් බවයි.
දෙමළ ජාතික සන්ධානය රජය සමගව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබා දීමට ඉතා පහසු කාර්යයක් වුවද එම ගැටලුව පිළිබඳ අවධානයකට නොගැනීම පිළිගත නොහැකි හෙයින් ධීවර ගැටලුවට විසඳුමක් සොයාගැනීම තමන් විසින්ම සිදු කරගැනීමට හැකි බවයි. එහෙයින් දේශපාලන මැදිහත් වීම් අවශ්‍ය නොමැති බවත් එම ස්ථානයෙන් පිටත්වන ලෙසටත් විරෝධය පළ කිරීමත් සමග මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.