ජා ඇල පොලිස් වසමට අයත් ඒකල ප්රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් 35 හා 34වියේ පසුවන කොස්ගොඩ, මීටියාගොඩ යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර මීට ඉහතදී දකුණේ විවිධ ප්රදේශවල පුද්ගලයන් 05ක් ඝාතනය කිරීම සමබන්ධයෙන් චෝදනා ලබා සිටී පුද්ගලයන් දෙදෙනෙකු බව එම දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද (04දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිත බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.