තමාට අභූත චෝදනා එල්ල කර හිරකර තැබීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උත්සාහ දරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඊයේ (09දා) ප්‍රකාශ කළේය.
ජාතික හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල මහතා ඉවත්වීමට තමා සම්බන්ධ බවට චෝදනා කරමින් පෞද්ගලික මඩගසමින් පළිගැනීමේ ක්‍රියාවලියක් දියත්වන බවත්,තමා වැරැද්දක් කර නැති නිසා ඉදිරියේදී නිවැරදිභාවය ඔප්පු කර පෙන්වන බවත්, හෙතෙම කියා සිටියේය.
මීට වසර 09කට පෙර රාධා ආයතනයේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ටිරාන් අලස් මහතා ඉන් පිටතට පැමිණ මාධ්‍ය‘වේදීන් හමුවේ ඉහත අදහස් ප්‍රකාශ කළේය.