රාඩා ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය මසක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (03දා) කටයුතු කළේය.
ප්‍රතිකාර සඳහා තමන්ට එංගලන්තයට යාමට අවශ්‍ය බව ටිරාන් අලස් මහතා අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඉහත නියෝගය නිකුත් කලේය. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයාට සැප්. 10 සිට ඔක්තෝබර් 10 දක්වා විදේශ ගත වීමට අවසර ලබාදුන්නේය.