රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි චෝදනා මත එහි හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණය අද(02දා) නියෝග කළේය. ඒ අනුව මෙම ආයතනයේ හිටපු ජෙෂ්ඨ ප්රධානියකු වු එමිල්කාන්තන්,රාඩා ප්රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්රමතුංග හා ආචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ ටිරාන් අලස් සමඟ රිමාන්ඩ් කරනු ලැබූහ.
උතුරු නැගෙනහිර ප්රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය හෙවත් රාඩා හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනා නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන නියෝග කළේය.