උතුරේ ගල්, වැලි හා බොරළු වෙනුවෙන් ලබාදෙන බලපත්‍ර අත්හිටුවා ඇතැයි පවසමින් උතුරේ ගල් වැලි හා බොරළු හිමියන්ගේ සමිතිය වවුනියාවේ ඒ-9 මාර්ගයේ විරෝධතාවක නිරතවිය.
යාපනය මහනුවර ඒ -9 මාර්ගයේ ටිපර් රථ 100 ක් පමණ පෙළගස්වා අදාළ විරෝධතාව දියත් කළ අතර, වවුනියාව නගර මධ්‍යයෙන් ආරම්භ වූ විරෝධතාව වවුනියාවව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අවසන් විය.
ටිපර් රථ ඒ-9 මාර්ගයේ නවතා තැබීම නිසා ඒ-9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධාවූ අතරම වවුනියාව පොලිස් රථවාහන නිලධාරීන් විසින් වාහන තදබදය අවම කිරීමට පියවර ගැනිණි.
විරෝධතාකරුවන් පැවසුවේ, පසුගිය දින කිහිපයේදී සිට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාල හරහා ලබාදෙන බලපත්‍ර දිනෙන් දින නවතා දමා ඇති බවත්, එම කාර්යාල නිලධාරීන් අත්තනෝමතිකව රාජකාරි කටයුතු කිරීම මගින් උතුරේ ටිපර් රථ හිමියන් දැඩි සේ අසරණව සිටින බවත්ය.