කොම්පඤ්ඤ වීදියේ ඉන්දීය ටාටා ආයතනය විසින් ඉදිකරණ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ සේවය සඳහා පැමිණි සිටි ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වැඩබිමේ ඉන්දීය ජාතිකයන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයක් නැවැත්වීමට පෙර එයට ගොඩවීමට උත්සාහ කිරීමෙන් බසයෙන් වැටී එම බස් රියටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇත. අවුරුදු 24ක් වන ඉන්දීය ජාතිකයෙක් මෙසේ මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.