ට්‍රැක්ටරයක් පෙරළී අයෙක් මරුට හයකට තුවාල
බදුල්ල කන්දකැටිය ගලඋඩ මාර්ගයේ 20 කණුව හෙබරගොඩ හංදිය අසලදී අද (27දා)උදෑසන 7.00 ට පමණ ට්‍රැක්ටරයක් පෙරළීයාමෙන් එහි ට්‍රේලර කොටසේ ගමන්ගත් එක් අයෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව, තවත් හය දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගල් ඇඹරුම්හලක වැඩට යමින් සිටියදී ට්‍රැක්ටරයේ එන්ජින් කොටසින් ටේලරය වෙන්වී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිකිල්ලගස්කඩ හපුගස්තැන්න පදිංචි ඥානතිස්ස ගුණපාල (48)නැමැති දෙදරු පියෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූවන් කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ හතරදෙනෙකු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටරයේ රියැදුරා කන්දකැටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
එන්. කේ. නිශ්ශංක/ පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

