තොරතුරු දැනගැනීමේ පනතට අනුව පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් සියලුමදෙනාගේ වත්කම් බැරකම් ප්රකාශ ලබාගෙන ජනතාවට දැනගැනීම සඳහා ප්රසිද්ධියට පත් කරන බව ට්රාන්ස්පේරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය සඳහන් කරයි.
මීට අමතරව මෙම පනතට අනුව පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන වාර්ෂික ගිණුම් වාර්තා ඉල්ලා තිබෙන බවත්, ඒවා ලැබුණ පසු ප්රසිද්ධියට පත් කරන බවද එම ආයතනය පෙන්වා දෙයි.
වත්කම් බැරකම් පනත යටතේ මහජන නියෝජිතයන් 50%කට ආසන්න ප්රමාණයක වත්කම් බැරකම් ප්රකාශ ලබාගෙන තිබුණත් වත්කම් බැරකම් පනතේ පවතින නීතිමය තත්ත්වය උඩ එය ප්රසිද්ධියට පත් කළ නොහැකි බවද එම සංවිධානය සඳහන් කරයි.