ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිංගප්පූරුවේ පැවති සමුළුවෙන් සතියකට පසුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් හදිසි චීන සංචාරයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක සහ ට්‍රම්ප් සමග පැවති සමුළුවේදී ඇති කරගත් එකඟතා පිළිබඳවත්, කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙනුත් කිම් ජොන්ග්-උන් චීන නායකයා සමග සාකච්ඡා කරනු ඇති බව සඳහන් වෙයි.
වත්මන් උතුරු කොරියාවේ එකම ආර්ථික සහකරුවා ලෙස කටයුතු කරන චීනය, එක්සත් ජාතීන් හමුවේ දැනටමත් අවධාරණය කර ඇත්තේ උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් විය යුතු බවය.
මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර මෙතෙක් පැවති ඒකාබද්ධ යුද අභ්‍යාස නවතා දැමීමට සැලසුම් කර ඇති බව එම රටවල් දෙක දැනටමත් ප්‍රකාශ කර ඇත.