(UPDATE) ඇමෙරිකානු ජනාධිපතිරවණයේ තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත නියෝජිත ආසන ඡන්ද තීරකයන්ගේද අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සති හයකින් පසුව ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය තීරක ඡන්ද 270 ආරක්ෂා කරගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වී තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග ට්‍රම්ප් පවසා සිටියේ, ඇමෙරිකාව එක්සත් කිරීමට මහන්සි වී වැඩකරන අතර, සියලු ඇමෙරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයේ අවසන් මෙහොත දක්වාම ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වළක්වාලීමට නියෝජිත ආසන ඡන්ද තීරකයන් වෙත හිලරිගේ ඩිමොක්රටික් පාර්ශ්වයෙන් දැඩි බලපෑම් සිදුව ඇති බව කියැවෙයි.
ඇමෙරිකාවේ නව ජනපති ධුරය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එරට නියෝජිත ආසන ඡන්ද තීරකයන්ගේ අනුමැතිය ලබාදීම අද දිනයේදී සිදුවෙයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම අවසාන මොහොතේදී පවා රිපබලිකන් ජනාධිපතිවරයා බලයට පත්වීම වැළැක්වීම සඳහා හිලරි ප්රමුඛ ඩිමොක්රටික් පක්ෂයෙන් බාධා පැමිණ ඇති බවයි.
එහිදී, ඇතැම් ඩිමොක්රටික් ඡන්ද තීරකයන් විසින් රිපබ්ලිකන් ඡන්ද තීරකයන් වෙත බලපෑම් කරමින්, ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පවසා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, ඔවුන් හේතු ලෙස දක්වා ඇත්තේ රුසියාව විසින් මෙවර මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා අයුතු බලපෑමක් කිරීමයි. නමුත්, ඔබාමා ඇතුළු ඇමෙරිකාව ගෙනෙන මෙම චෝදනාව රුසියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා එරට සියලුම ප්‍රාන්තවල නියෝජිත ආසන ඡන්ද තීරකයන් 538 න්, තීරක ඡන්ද 270ක් ලබාගත යුතු වෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් වෙත ප්‍රාන්ත 30කින්, තීරක ඡන්ද 306ක් ලැබී තිබුණි.