පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර එරට නව නීතිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත්කළ ජෙෆ් සෙෂන්ස් හා රුසියානු නිලධාරීන් අතර සබඳතා පැවති බවට චෝදනා කරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස ඩිමොක්රටික් පක්ෂය බලපෑම් කරයි.
මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන වත්මන් නීතිපතිවරයා තමන් කිසිදු දේශපාලනමය වැඩසටහනක් සඳහා රුසියානු නිලධාරීන් හමු නොවූ බව අවධාරණය කරයි. එමෙන්ම, මෙම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වාර්තා බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
ඩිමොක්රටික්වරු ගෙනෙන තවත් චෝදනාවක් වන්නේ ජනපති ට්‍රම්ප් දේශපාලන ව්‍යාපාරය හා මොස්කව් අතර පැවතියේ යැයි කියන සබඳතා සම්බන්ධ පරීක්ෂණවලින් වත්මන් නීතිපතිවරයා මිදී සිටීමේ උත්සාහයක නිරත වන බවයි.
පසුගිය ජනවාරි මාසයේදී නීතිපති ජෙෆ් සෙෂන්ස් සෙනෙට් සභාවේ සාක්ෂි විමසීමකදී පවසා සිටියේ ජනාධිපතිවරණ සමයේ තමා සහ රුසියානු නිලධාරීන් අතර සබඳතාවක් නොපැවති බවයි. මෙය සම්පූණයෙන්ම ගොතන ලද කතාවක් බව ඔහු කියයි.
නමුත්, ඩිමොක්රටික් පක්ෂ දේශපාලඥයන් නීතිපතිවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් යැයි පවසමින් ඔහු ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරයි.
ඔහුගේ සාක්ෂි ලබාදීම අවංකව සිදුනොවූවක් බවත්, එය බරපතල තත්ත්වයක් බවත් පවසන ඩිමොක්රටික්වරු, රුසියානු නිලධාරීන් හා වත්මන් නීතිපතිවරයා අතර සංවාදයේ කරුණු රටට හෙළි කරන ලෙස බල කරයි.