ටජිකිස්තානයේ නැගෙනහිර කලාපයේ රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය කෙසේද යත් එය අසල්වාසී රටවලටද දැනී තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි රික්ටර් පරිමාණ 7.2ක අගයකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය දුෂාන්බේ පළාතේ සිට කිලෝමීටර් 345ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත.
කෙසේ වෙතත් කඳුකර ප්‍රදේශයක් හේතුවෙන් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එනමුදු, අගනගරය ඇතුළු තවත් නගර කිහිපයක පාසල් වසා දමා ඇති බවත්, ඇතැම් ගොඩනැගිලි ඉරිතැලී ගොස් ඇති බවත් එරටින් ලැබෙන වාර්තා පවසයි.
කිර්ගිස්තානය, කසකස්තානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය මෙන්ම ඉන්දියාවටද භූ කම්පනය දැනී ඇති අතර, ඇතැම් කාර්යාලවල සේවකයන් සිය කාර්යාල ගොඩනැගිලි සෙලවීම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.