බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (15දා) වරෙන්තු නිකුත් කළේය.
උන්වහන්සේට එරෙහිව පවතින නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කළේය.
ජාතීන් අතර අසමගිය සහ වෛරය ජනිත වන ප්රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ නඩුවක් මෙසේ විභාගයට ගත්තේය.