අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12දා) වරෙන්තු නිකුත් කළේය.
කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනා සඳහා ඥානසාර හිමි ඇතුළු පිරිසකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. නඩුව නැවතත් 9 වැනිදාට කල් තැබිණ.