ඥානසාර හිමියන්ට මෙම තත්ත්වය උදාවූයේ දේශපාලඥයන් නිසා බවත්, උන්වහන්සේ පෙන්වා දුන් ගැටලු විසඳීමට දේශපාලඥයන් කටයුතු කළේ නම් මෙවන් තත්ත්වයක් උදා නොවන බවද ජාතික සංඝ සභාව සඳහන් කළේය.
ජනතාවගේ හා මහා සංඝරත්නයේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුණු රට දේශපාලඥයන් විසින් විනාශ කර දමමින් සිටින බවත්, මේ හේතුවෙන් එක් ජම්පරයක් නොව සිය ගණනක් ඇන්දුවද රට ජාතිය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා පෙනී සිටින බවත් එම සංගමයේ මාධ්‍ය ලේකම් වත්තේගෙදර විජිතවංශ හිමියෝ අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.