ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයටම කැලෑ විනාශ කරන්නන්ට, මහබැංකු වංචාව සම්බන්ධවූවන්ට හා අයථා මුදල් උපයා ගැනීම සිදුකළ සියලුම දෙනාටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.
නීතිය ක්‍රියාත්මක වීමේදී එය සැමට එක හා සමානව ක්‍රියාත්මක නොවන බවත්, මෙම ආණ්ඩුව පත් කර ගැනීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරගැනීම බවද එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ සඳහන් කළහ.
නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවුණහොත් ඒ හරහා අනවශ්‍ය ගැටුම් ඇතිවන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසූහ.