සිරගතකර සිටින ඥානසාර හිමියන්ට භික්ෂුවක ලෙස සිවුරු පැලඳීමට හිරගෙදර තුළදී කටයුතු කර උන්වහන්සේගේ භික්ෂු භාවය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ භික්ෂුන් වහන්සේලා හා ප්‍රදේශයේ දහම්පාසල් සිසුන්, ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (17දා) පෙරවරුවේ තිස්සමහාරාමයේදී විරෝධතා පාගමනක නිරත වූහ.
තිස්සමහාරාම මැණික් රජමහා විහාරය අබියසින් ආරම්භ කරන ලද මෙම පාගමන සැතපුම් පහක් පමණ දුරක් ගමන්කර තිස්සමහාරාම රජමහාවිහාරයට ගමන් කර තිස්සමහාරාම චෛත්‍ය අබියස සිට ඒ වෙනුවෙන් සත්යග්රහයක්ද පැවැත්විණි.
විරෝධතාවයට එක්වූ නායක හිමිවරුන් පෙන්වා දුන්නේ, යම් උපසම්පදා භික්ෂුවක් සිවුර ඉවත්කර දින හතකට වඩා සිටියහොත් උන්වහන්සේගේ උපසම්පද භාවය අහෝසිවන බැවින් ආණ්ඩුව විසින් තබාගැනීමට යන එම කළුපැල්ලම වහ ඉවත් කරගැනීමට ඥානසාර හිමියන්ට භික්ෂුවක ලෙස අදාළ දඬුවම ලබාදෙන ලෙසයි.