අතුරුදන් බව කියන මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණය ඉදිරිපිටදී තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බොදු බල සේනා ජාලයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (10දා) නැවතත් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කළහ.
අධිකරණය අපහාස කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ උන්වහන්සේට ඊයේ දිනයේදී එම සිදුවීමට අදාළව ඇප ලැබුණ නමුත් සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කිරීමේ චෝදනා යටෙත් ඊයේ නැවතත් එක් දිනකට බන්ධනාගාර ගත කරනු ලැබීය.