බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහාසංඝරත්නය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (18දා) සවස 2.00ට අධිෂ්ඨාන පූජාවක් සහ සත්යග්රහ ව්‍යාපාරයක් පවත්වන බව එම සංවිධානය පවසයි.
'ඥානසාර හිමි වහා නිදහස් කරනු' මැයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට ජාතික සංවිධාන සහ ජාතික ව්‍යාපාරයන්හි නිරත නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය එක්වීමට නියමිත බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.
ව්‍යාජ චෝදනා එල්ල කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කර, උන්වහන්සේගේ ශාසනික හා ජාතික කාර්යභාරය වැළැක්විය නොහැකි බවත්, රජයේ ප්‍රධානීන් මේ සම්බන්ධව තවදුරටත් සලකා බැලිය යුතු බවත් එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.