(UPDATE) අධිකරණය හමුවේ විභාග වෙවිමි පවතින නඩුවකට අදාළව අධිකරණයෙ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට භාරවීමෙන් පසුව උන්වහන්සේ ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21දා) නියෝග කළේය. ඒ අනුව උන්වහන්සේට එරෙහි වරෙන්තු ආපසු කැඳවූ අතර නඩුව යළිත් අගෝස්තු 10 දා දක්වා කත් තැබිණ.
ඥානසාර හිමි අධිකරණයට භාර වෙති
අධිකරණයේ වරෙන්තු ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (21දා) නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට බාර වූහ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට උන්වහන්සේ භාර වීමට වැඩම කළහ. උන්වහන්සේට එරෙහිව පවතින නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබුණි.