තමන් වහන්සේව අත්අඩංගුව ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නීතිඥයින් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. අද (13දා) උන්වහන්සේ මෙම පෙත්සම ගොනු කර තිබේ.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු කරන බව මීට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථනය සදහන් කළේය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමන් වහන්සේ පිළිබඳව කරනු ලබන විමර්ශනය අවසන්වන තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි උන්වහන්සේ සිය පෙත්සමෙන් දන්වා සිටිති.