සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව අද (10දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් යළි එළැඹෙන 16දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නැවත නියෝග කරනු ලැබීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ උන්වහන්සේට අදාළ චෝදනාවන්ට ඊයේ ඇප ලැබුණත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව ඊයේ දිනයේදී අද දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.