බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනිද්දා (22දා) අධිකරණයට ඉදිරිපත් වන බව එම සංවිධානය පවසයි.
බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයන් සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා හෙට දිනයේදී ආරක්ෂාව සහතික වුවහොත් ඥානසාර හිමියන් අධිකරණයට වැඩමකිරීමට සූදාමින් සිටින බවයි.
රාජගිරියේ බොදු බල සේනා ලේකම් කාර්යාලයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ,
“ඥානසාර හිමියන් 2020 ජනාධිපතිවරණයට චම්පික රණවක ඇමතිවරයාගේ කොන්ත්‍රාත් එකක් ඉටුකරනවා කියලා වාමාංශික ව්‍යාපාරයේ ඉන්න උදවිය,ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පිරිස් චෝදනා කරනවා.අනිත් පැත්තෙන් චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරළියට ගේන්න කොන්ත්‍රාත් එකක් කරනවා කියලා.
ඥානසාර හාමුදුරුවෝ මැදින් තියාගෙන ඒ පැත්තෙන් මේ පැත්තට ගහනවා, මේ පැත්තෙන් ඒ පැත්තට ගහනවා.කාටද මේ ගහන්නේ?මෙහම ගහලා 2020දී සමහරවිට ජනාධිපතිවරණයට උන්වහන්සේ එන්න ඉඩ තියෙනවා.මේරටේ ගමේ ඉන්න තරුණ ප්‍රජාව ඥානසාර හාමුදුරුවො සඟරජු කරලා ඉවරයි.ඒ සඟරජු රටේ රජු වෙන්නත් ඉඩ තියෙනවා." යැයි පැවැසූහ.