ඥානසාර හාමුදුරුවන් සැඟවී නොමැති බවත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය මේ බව සඳහන් කළේය.
පසුගිය කාල සීමාවේදී අධිකරණය තුළ පවා වෙඩි තැබීම් සිදුවූ බවත් එම සංවිධානය සඳහන් කළේය. අධිකරණයට ඉදිරිත් නොවීමේ හේතුමත බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තුද නිකුත් කර තිබේ.