අයවැය කාරක සභා විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමතුංග මහතා අතර අපූරු විවාදයක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
ආගමික අන්තවාදයක් පවතින විට රටට සංචාරකයන් නොඑන බව විජිත හේරත් මහතා පැවැසීය. එයට පිිළිතුරු දුන් ජෝන් අමතුරංග අමත්‍යවරයා පැවැසුවේ මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2ට වැඩි පිරිසක් පැමිණ ඇති බවයි. එසේම 88/89 කලබල සමයේදී සංචාරකයින්ගේ පැමිණීම අඩුවූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඉන් පසුව පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවැසු 'ජෝන් බාස් වැඩේ වරද්දාගත්තා. වත්තල මංතීරුව කැඩුවාම සංචාරකයින් එන්නේ නෑ' යනුවෙනි.