ජෝන් සෙනෙවිරත්න මහතාට ජාතික ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන්ද, ඔහුට ඇමති ධුරයක් ලබාදෙන ලෙස ඉල්ලා සන්ධාන ආධාරකරුවන් පිරිසක්ද රත්නපුර නගරයේ උද්ඝෝෂණයක යෙදීම නිසාඋද්වේගකර තත්ත්වයක් ඇතිවිය.
අද (26දා)පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 පමණ වනතෙක් පැවැති එම උද්ඝෝෂණයේදී දෙපාර්ශ්වයම මුහුණට මුහුණ ආවේගශීලීව ඉදිරියට එද්දී පොලීසිය මැදිහත් වීම නිසා ඇතිවීමට ගිය ගැටුමක් වැළැක්විණි.
රත්නපුර මලිති පෙරේරා