ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 02දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
1972 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ පී. රොජර්ස් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයෙක් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවට බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
2005 වසරේදී කොලින් පවෙල් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය සාගර කලාපයට ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණියත් එය නිල වශයෙන්ම ශ්‍රී ලංකාව පැමිණි සංචාරයක් නොවුණි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඇමෙරිකානු සංචාරයේදී අමාත්‍යවරයා ඇමෙරිකානු රජ්‍ය ලේකම්වරයා කළ ආරාධනාවක් අනුව ඔහු දිවයිනට පැමිණෙන බවත් කෙරී මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.