ජෛව විවිධත්වය පිළිබඳ ජාතික ක්‍රියාකාරී උපායමාර්ගික සැලැස්ම සැකසීමට සමගාමීව සංවිධානය කළ 'ජෛව විවිධත්වය හා ජීවනෝපාය' ජායාරූප තරගයෙන් ජය ලැබූ ජයග්‍රාහකයන් තිදෙනාගේ ඡායාරූප මේ වනවිට තරග සංවිධායකයන් විසින් තෝරාගෙන තිබේ.
ජෛව විවිධත්ය ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අයත් බයෝ ෆින් ව්‍යාපෘතිය(BIOFIN) හා 'අද' පුවත්පත එක්ව මෙම ඡායාරූප තරගය සංවිධානය කරනු ලැබීය.
ඒ අනුව එම තරගයේ රුපියල් 50,000ක පළමු ත්‍යාගය දිනාගත් ජයග්‍රාහකයා වන්නේ චින්තක රාජකුලතුංග මහතාය. දෙවැනි ස්ථානයට හිමිවන රුපියල් 30,000ක ත්‍යාගය රෝහිත ගුණවර්ධන මහතා විසින් හිමි කරගෙන ඇති අතර, තෙවැනි ස්ථානයට හිමි රුපියල් 20,000ක ත්‍යාගයට හිමිකම් කියෙන්නේ කේ.ජී.පී.පී. කරුණාරත්න මහතාය.
එසේම තෝරාගත් හොඳම ඡායාරූප සඳහා සම්මාන සහතික පත් පිරිනැමෙන අතර ඒවා යථාකාලයේදී තැපෑලෙන් ලැබීමට සලස්වනු ඇත.
ඔබට හිමි ත්‍යාග පිළිබඳ විස්තර ලබාගැනීමට 0112 479 640 / 0112 479 642 යන දුරකථන අංක හා [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා විමසීම් කළ හැක.
පළමු ස්ථානය
දෙවැනි ස්ථානය
තෙවැනි ස්ථානය