ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෝ පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පත්වීමට වැඩි ඉඩක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ මහ සමුළුව හෙට (02) කොළඹු සුගතදාය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව තෝරා ගැනීම ඇතුළුව නව දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවයසි.
මේ අතර ‘අදට’ වාර්තා වූයේ පක්ෂයේ නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට එරෙහිව පක්ෂයේ ප්‍රභලයෙක් විරුද්ධ වී ඇති බවත් එහෙයින් ටිල්වින් සිල්වා මහතා පක්ෂයේ නව නායකයා වශයෙන් තෝරා ගැනීමට වැඩි ඉඩක්ද පවතින බවයි.