2014 ජුනි මාසයේ උද්ධමනය 2.8% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.2% සිට ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 මැයි මාසයේ 3.2% ක් ලෙස පැවති අතර, එය ජුනි මාසයේදී 2.8% ක් ලෙස ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කරයි.
මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය මැයි මාසයේ වාර්තා කළ 5.3% සිට ජුනි මාසයේදී 4.9% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.