දැනට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වලාකුළින් බර ස්භාවය තවදුරටත් පවතින බවත් ජුනි 06 වැනිදා සිට දිවයින හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමු පළාතේ මි.මී 100 පමණ තද වැසි අපේක්ෂා කරන අතර දකුණු පළාතෙත්, මොනරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන අතර. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළඟේ වේගය පැ.කි. මී. 35-45 ක් අගයක් ගන්නා අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් සඳහන් කරයි.
ඒ අනුව ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳ සැලකිලිමත්වන්නැයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.