එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව තුළ ගනු ලැබූ තීන්දු තීරණ සහ ජීනිවා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟ බව අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළකාරණාව සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී දින දෙකක විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදිය හැකි බවත්, ඊට ප්රථම පරණගම කොමිෂන් වාර්තාව සහ උදලාගම වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් අගමැතිමවරයා කීය. පාර්ලිමේන්තුව අද ප.ව 1.30 ට ආරම්භවිය.