යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට සහ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට සිය රජය උපරිම සහය ලබාදෙන බව ඔස්ටි්රයානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරතිබේ.
ඔස්ටි්රයාවේ දෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ටි්රයා ජනාධිපති හෙයින්ස් ෆිස්චර් මහතා අතර පැවති නිළ හමුවේදී මෙම එකගතාව පලවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
ඉදිරියේදී වඩා මිත්‍රශීලි රාජ්‍යයන් ලෙස කටයුතු කරමින් දෙරටේ ආර්ථික සහයෝගීතාව නංවා ගැනීමට ශ්‍රී ලංකා - ඔස්ටි්රයා රාජ්‍ය නායකයින් දෙපල ද එකගතාව පළ කර තිබෙන අතර දෙරටේ මිත්‍රත්වය වඩා ශක්තිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම දෙරටේම අපේක්ෂාව වන බවද මෙහිදී පවසා තිබේ.