ISIS ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩි ජෝන් අතින් ගෙල සිඳ ඝාතනයට ලක්වූ පුද්ගයෙකුගේ වැන්දඹුවක් ජිහාඩි ජෝන්ව පණ පිටින් අවශ්‍ය බව අවධාරණය කරයි.
බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ ඩේවින් හෙයින්ස්ගේ බිරිඳ වන ඩ්රැගානා හෙයින්ස් පවසා සිටින්නේ තමාගේ අවසන් ඉල්ලීම එය බවයි.
මේ ආකාරයෙන් විදෙස් ජාතිකයන් ගෙල සිඳ ඝාතනය කළ ජිහාඩි ජෝන් නැමැත්තා පිළිබඳ ප්‍රථම වරට තොරුතුරු ඊයේ මුදාහැර තිබූ අතර, ඔහු කුවේටයේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික මොහොමඩ් එම්වාසි ලෙස හඳුනාගෙන තිබුණි.
මේ පිළිබඳ ආරක්ෂක අංශ මීට පෙර සිටම තොරතුරු සොයාගෙන සිටියත්, එහි රහස්‍යභාවය ආරක්ෂා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගෙල සිඳ ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් මොහු ප්‍රථම වරට ලෝකය ඉදිරියට පැමිණියේය.
ඉන් අනතුරුව ඇමෙරිකානු මාධ්‍යවේදී ස්ටීවන් සොට්ලොෆ්, බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හෙයින්ස්, බ්‍රිතාන්‍ය ටැක්සි රථ රියදුරු ඇලන් හෙනින්ග් සහ ඇමෙරිකානු සහන සේවක අබ්දුල් අහ්මන් කාසිග් ඝාතනය කරන වීඩියෝවලින්ද ඔහු ජිහාඩි ජෝන් නමින් පෙනී සිටියේය.
ඒ සෑම වීඩියෝවකම කළු වර්ණයෙන් යුතු ඇඳුමක් හැඳ සිටි ඔහුගේ ඇස් සහ නාසයෙන් කොටසක් පමණක් පිටතට නිරාවරණය විය.
බ්‍රිතාන්‍ය උරුවට බස හසුරුවන ඔහු සෑම ඝාතනයකටම පෙර බටහිර රටවල් වෙත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කිරීමද සාමාන්‍ය සිදුවීමකි.
පසුගිය මාසයේදී ජපාන ජාතික ප්‍රාණඇපකරුවන් දෙදෙනෙකු සමගද ඔහු වීඩියෝවක් මුදාහළ අතර පසුව ඔවුන්ද ඝාතනය කෙරිණි.