ඉකුත්දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරන ලද ශ්රී ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබඳ සිය ස්ථාවරය ප්රකාශ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට තවමත් නොහැකි වී ඇත.
පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් දරන විවිධ මත නිසා මෙසේ අවසන් ස්ථාවරයකට පැමිණීමට නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වය අදාළ යෝජනාව පිළිබඳව සුබවාදී අදහසක් දැරුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය යෝජනාවට එකහෙළාම විරුද්ධ බව වාර්තා වේ. එබැවින් පක්ෂයට සිය අවසන් ස්ථාවරය ප්රකාශ කිරීමට නොහැකි වී ඇත.
කෙසේ නමුදු ලබන සතියේ පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිත අතර, විවාදයට පෙර ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් ප්රකාශ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇත.