ජාතික සමගිය ගොඩනැගීමේදී පුරාවිද්‍යාවට සහ කෞතුකාගාර වෙත විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බවත්, මෙරට කෞතුකාගාර පද්ධතිය දියුණු මට්ටමකට ගෙන යා යුතු බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් කෞතුකාගාර සහ ජාතික සමගිය මැයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සංවිධානය කරන වැඩමුළු මාලාවේ පළමු වැන්නට අද (17දා) පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී සහභාගී වෙමිනි.
සැවොම කුඩා කාලයේ කෞතුකාගාර නැරඹීමට විශාල උනන්දුවක් දැක්වුවද පසුව එය අමතක කර දමන බවත්, එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් මහාචාර්යවරයා මෙහිදී පැවසීය.