සුළු සුළු ප්‍රශ්න මුල්කරගනිමින් ජාතිවාදී ප්‍රශ්න ඇති වී තිබෙන බවට ප්‍රකාශ කළද මේ රටේ ජාතීන් අතර අතිවිශාල සහයෝගයක් හා සංහිඳියාවක් පවතින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
සුළු සුළු කණ්ඩායම් විවිධ ක්‍රියාවන් සිදුකරන බවත්, සාමාන්‍ය නගරයක් ගත්තද එහි පිට්පොකට් කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් වැනි පුද්ගලයන් සිටින බවද පවසා සිටියේය.
සියලු දෙනාම එකිනෙකාට මෛත්‍රී කරමින් ජීවත්වනවානම් කිසිදු ගැටුමක් ඇති නොවන බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර සිටියේය.