ජාතිවාදී හා ආගම්වාදීව කටයුතු කරන සියලුම දෙනාට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදීම සඳහා රජය තීරණය කර ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සංහිඳියාව හා ජාතික එකඟතාව ඇති කිරීමට බවද ඔහු පවසා සිටියේය.
රජයේ ප්රතිපත්තිය සියලුම ජාතීන් එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාම බවද අද (14දා) අරලියගහ මන්දිරයේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් අගමැතිවරයා සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා