ජාතිවාදය පිළිබඳ කතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ පනතක් ගෙන ආ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් හා අමාත්‍ය සිවාජිලිංගම් යන මහත්වරුන්ගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, බංකොළොත් දේශපාලනයේ අවසාන ගැලවීම ජාතිවාදය ඇවිස්සීම වන බවයි.