ජාතිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ දැන්වීම් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු අද (06දා) හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අම්බලන්තොට, රිදීයගම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට නගරයේදී ඊයේ (05දා) අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මහනුවර ප්රදේශයෙන් මෙම දැන්වීම් ලැබෙන බවත්, එම ප්රදේශයට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වන බවත් සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබිණි.