විවිධ සමාජ ජාල, වෙබ් අඩවි හරහා ජාතිවාදය හා ආගම් වාදය ඇවිස්සීමට අන්තවාදීන් කොටසක් විසින් දරනු ලබන උත්සාහයට ඉඩ ලබානොදෙන ලෙසත් එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තංගල්ල නගරයේ පැවැති ශ්‍රී සදහම් පොසොන් කලාපය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
විශේෂයෙන් මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කරගෙන පුද්ගලයන්ට අපහාස කිරීම හා ජාතීවාදී හැඟීම් ඇවිස්සීම තුළින් ගැටුම් ඇති කිරීමට දරන උත්සාහය වර්තමානයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබෙන බවත් මෙවැනි ක්‍රියා රටක ඉදිරි ගමනට කිසිසේත්ම ගැලපෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ හේතුව නිසා මෙවැනි ආකාරයෙන් ක්‍රියාකරන කවර පුද්ගලයෙකු වුවත් ඔවුන් හඳුනාගෙන තදින් නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.